30 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහදිසි නීතිය ගෙනාවේ අඩු මිලට භාණ්ඩ දීමට මිස මර්දනයට නොවේ

හදිසි නීතිය ගෙනාවේ අඩු මිලට භාණ්ඩ දීමට මිස මර්දනයට නොවේ

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ විධායක ජනාධිපති ක්‍රමය හරහා මර්දනයක් ක්‍රියාත්මක නොවන බවත්, හදිසි නීතිය ගෙනාවේ ජනතාවට අඩු මිලට භාණ්ඩ දීමේ වැඩපිළිවෙළට මිස මර්දනයට නොවන බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ පසුගියදා (11) රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මිනිසුන්ගේ බඩගින්න නිවාගන්න අඩු මිලකට භාණ්ඩ දෙන්න පුළුවන් යුගයක් මේ කාල පරිච්ඡේදයේ නිර්මාණය කරන්න තමයි මේ හදිසි නීතිය ගෙනත් තිබෙන්නේ. අකමැත්තෙන් වුණත් හදිසි නීතිය ගෙනත් මේවා පාලනය කරන්න අවශ්‍යයි. මේවා පාලනය නොකළොත් මිනිස්සු ගසා කන යුගයක් ආරම්භ වෙනවා. ඒක අපි පසුගිය දිනවල දී අත්දුටුවා. අධික මිල ගණන්වලට භාණ්ඩ විකුණුවා. අධික මිල ගණන්වලට සීනි විකුණූ නිසා තමයි සීනිවල බද්ද අඩු කළේ. සීනිවල බද්ද සත විසි පහකට අඩු කළේ ජනතාවට අඩු මිලට සීනි දෙන්න. එදා විපක්ෂය රජයට පහර දුන්නා, සීනි බදු අඩු කර හොරකම් කළා කියලා. ඒ අයගේ කාලෙත් ඔහොම අඩු කළා. ඕක අලුත් දෙයක් නොවෙයි. ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩිවෙද්දී බදු අඩු කරනවා. ලෝක වෙළෙඳපොළේ සීනි මිල අඩු වන විට බදු වැඩි කර ඒ ආදායමෙන් ජනතාවට සහන දෙනවා. ඒ ලැබෙන මුදල්වලින් රටේ සංවර්ධනය වැඩි කරනවා. එදත් විපක්ෂය මඩ ගැහුවා. අදත් විපක්ෂය මඩ ගහනවා. “

ක්‍රිසන්ති විතාරණ