28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයට කෝටි 2000ක පාඩුවක් කළ අයකුට ආර්ථිකය ගොඩ දාන්න බෑ

රජයට කෝටි 2000ක පාඩුවක් කළ අයකුට ආර්ථිකය ගොඩ දාන්න බෑ

සුනිල් හඳුන්නෙත්ති

වරක් මහ බැංකු අධිපතිව සිටියදී රජයට කෝටි 2000ක පාඩුවක් කළ අයකුට ආර්ථිකය ගොඩ දැමිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (14) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. කබ්රාල් මහතාට තිබෙන අත්දැකීම්, දැනුම හා පලපුරුද්ද උපයෝගී කරගෙන ආර්ථිකය කඩා වැටීම නැවතීම සහ විදේශ විනිමය අර්බුදය විසඳීම කෙසේ වෙතත් අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දමා කොල්ලකෑම ආරම්භ කරාවි යැයි අනුමාන කරන බවද හෙතෙම කීවේය.

ඔහුගේ මෙම දක්‍ෂතාව බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වන බව පෙන්වා දෙන හඳුන්නෙත්ති මහතා අර්ථසාධක අරමුදලට පමණක් බැඳුම්කර වංචාව නිසා මිලියන 9074ක් පාඩු කර තිබෙන බව වෝහාරික වාර්තාවෙන් හෙළි කර ඇති බවත් කීවේය.

නුවන් හෙට්ටිආරච්චි