27.8 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුවේ වැරදි ආර්ථික දර්ශනයෙන් ජනතාව පීඩනයට පත් වෙලා

ආණ්ඩුවේ වැරදි ආර්ථික දර්ශනයෙන් ජනතාව පීඩනයට පත් වෙලා

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන

ආණ්ඩුවේ වැරදි ආර්ථික දර්ශනය නිසා රට කඩාවැටී මහජනයා පීඩනයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි, චීන රජය පරිත්‍යාග කළ රෝහල් උපකරණ චීන තානාපති කාර්යාලයේදී පෙරේදා (13) ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අබේවර්ධන මහතා මෙසේද කීවේය.

රටේ ආර්ථිකයට ජාතික සැලැස්මක් සහ අන්තර්ජාතික ලෝක වෙළඳපොළ පිළිබඳ අවබෝධයකින් ලෝක ආහාර සංවිධානය ගන්නා තීන්දු තීරණ ගැන එකට වැඩ කළ යුතුයි. එසේ නොකරන ආණ්ඩුවකින් සිදු වන්නේ ඉදිරි කාල සීමාව තුළදී මහජනතාව තව තවත් පීඩනයට පත් වීමයි. මේ තත්ත්වය එන්න එන්න, දිනෙන් දින වර්ධනය වන බව අපට පෙනී යනවා.

ප්‍රධාන හාල් මෝල් හිමියන්ගේ මෝල්වලට කඩා වැදීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. හදීසි නීතිය භාවිතා කර මහජනතාවට බොරුවක් මවා පෙන්වීමත් කනගාටුවට කරුණක්. මේ තත්ත්වයේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් බිහි කළේ 1994 පාලනයෙන් පසුවයි.

ඊට ඉහත රජයන් වී සහ හාල් පාලනය කළ අතර එය හොඳට සොයා බැලිය හැක්කේ මේ හාල් මෝල් හිමියන්ට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකුවලින් කොපමණ මුදල් දී තිබේද යන්න සොයා බැලීමෙන්. කෙසේ හෝ එවැනි ව්‍යාපාරිකයන් ඇති වීම ශ්‍රී ලංකාවට යහපත්. බැංකු මේ අයට ණය දීමේදී වසරකට කොපමණ වී තොගයක් ගන්නවාද? වසරකට කොපමණ ප්‍රමාණයක් සහල් කර මහජනතාවට නිකුත් කරනවාද? එයින් කොපමණක් ලාභ ලබනවද? ඒ ලාභය හරහා මේ ණය ගෙවන ආකාරය ශක්‍යතා අධ්‍යන වාර්තාව හරහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි මෙවැනි හාල් මෝල් හිමියන් ශ්‍රී ලංකාව තුළ බිහි වී තියෙන්නේ. මේ තත්ත්වය තුළ හාල් මෝල්වලට ත්‍රිවිද හමුදාව පොලීසිය කඩා වැදීමෙන් සිදුවන්නේ එවැනි ව්‍යාපාරිකයන්ගේ මානසික මට්ටම කඩා බිඳ දැමීමයි.

ශිරෝමි අබයසිංහ