රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ
සිය පක්ෂයේ හා ඊට සම්බන්ධ අනෙක් දේශපාලන පක්ෂවල කණ්ඩායම්වත් එකමතයකට ගෙන ඒමට නොහැකි විපක්ෂ නායකවරයාට මැතිවරණයක් පිළිබඳ ඉඟි පළ කළ නොහැකි බව මුදල් හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශවලින් එතුමන්ගේ ගෞරවයවත් රැක ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට දීමට කටයුතු කරමින්, රටේ එන්නත් කරණයට මූලික අවධානය රජය යොමු කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතයේ අවසන් වී යළි රටේ පිබිදීමක් ඇති වූ පසු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවල සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත්, ජනතාව පත්ව ඇති ගැටලු පිළිබඳ සැහැල්ලුවට ගැනීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රට තුළ ඇති වූ ආර්ථික විප්ලවය හමුවේ දේශීය නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ද ආනයනය කිරීමට කටයුතු කෙරුණු අතර, ආනයනික භාණ්ඩ කෙරෙහි ජනතාව නැඹුරු වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ආනයනික භාණ්ඩ මත යැපීම අවම කොට නිෂ්පාදිත ආර්ථික ක්‍රමයක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවයි.
චිත්‍රාරත්න කළුආරච්චි-හිදෝගම සමූහ