31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩුවේ විශේෂ කඳවුරක සිටින ලාංකික දෙමළ සරණාගතයන් වහාම නිදහස් කරන්න

තමිල්නාඩුවේ විශේෂ කඳවුරක සිටින ලාංකික දෙමළ සරණාගතයන් වහාම නිදහස් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන් තමිල්නාඩු මහ ඇමැතිට ලිපියකින් දන්වයි

ඉන්දියාවේ තමිල්නාඩුවේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් පිරිස වහාම නිදහස් කර සාමාන්‍ය කඳවුරකට යොමු කිරීමට හෝ ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාර්ලින් මහතාට ලිපියක් යැවූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

මන්නාරමේ පිහිටි අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තිරිච්චි කඳවුරේ රඳවා සිටින පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් සරණාගතයන් දියත් කර ඇති උපවාසයට මේ වන විට දින 53ක් ගත වී ඇති බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරිච්චි ප්‍රදේශයේ පිහිටි විශේෂ රැඳවුම් මධ්‍යාස්ථානයක උතුරේ දෙමළ සරණාගතයන් අසූඑක් දෙනකු කාලයක් තිස්සේ රඳවා ගෙන සිටිනවා. ඉන්දීය පොලිසිය මේ පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව ප්‍රකාශ කරන නමුත් ඔවුන්ව මේ දක්වා අධිකරණයකට ඉදිරිපත් කර නැහැ. අධිකරණයකින් වරදකරුවන් නොවූ පිරිසක් මේ අන්දමට බලහත්කාරයෙන් රඳවා ගෙන සිටිම නීති විරෝධී නිසා මම තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ ඔවුන් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගැනීමට මැදිහත්වන ලෙසයි.

මේ පුද්ගලයන්ට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ඇත්නම් වහාම ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඔවුන්ව අධිකරණයක් හමුවට පැමිණවීමේ කටයුතු ඉතා ඉක්මන් කිරීමට පියවර ගන්නා ලෙස මාගේ ලිපියෙන් ඉල්ලා සිටියා.

රසුල දිල්හාර ගමගේ – උතුරු පළාත් විශේෂ