රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට විකිණීමට පසුගිය රජය ගෙන ගිය වැඩපිළිවෙළ වත්මන් රජය සම්පූර්ණයෙන් ව්‍යර්ථ කළ බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පැවසීය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසලක් මැදවච්චියේදී පෙරේදා ( 13 ) වීවෘත කරමින් ඒ මහතා මේ බව කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
සෑම නගරයකටම මෙලෙස එක් රාජ්‍ය ඔසුසලක් ඇති කිරීමට පියවර ගන්නවා. එමඟින් ජනතාවට අවශ්‍ය කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ පහසුවෙන් ගැනීමට හැකියාව ලැබෙනවා. ජනතාවට දැරිය හැකි මිලකට පහසුවෙන් ඖෂධ ගැනීමට අවස්ථාව සැලසීම රජයේ අරමුණයි.
පසුගිය රජය සමයේ රාජ්‍ය සම්පත් අඩු මුදලට කුණුකොල්ලයට විකිණීම වගේම ඒවා බංකොලොත් කර පෞද්ගලික අංශ වෙත දීමේ සැලසුමක් තිබුණා. ඒ සියල්ල පරාජය කර අප රාජ්‍ය අංශය ශක්තිමත් කළා. විශේෂයෙන්ම ඖෂධ හා සම්බන්ධ ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වන විට කොවිඩ් 19 මර්දනයට රජය ගත හැකි සියලු පියවර ගනිමින් සිටිනවා. මේ අවස්ථාවේදී එන්නත්කරණය වඩාත් වේගයෙන් සිදු වෙනවා.
ඇතැම් තරුණ පිරිස් එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් අද පෙනෙන්න තිබෙනවා. ඊට හේතුව එන්නතින් ලිංගක ශක්තිය හීන වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙන ව්‍යාජ තොරතරුයි. එවැනි දෙයක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැහැ.
අප ඒ ගැන සිදු කර ඇති විවිධ පර්යේෂණ ගැන සොයා බැලුවා. එන්නත් මඟින් එවැන්නක් සිදු වන බවට කිසිම පර්යේෂණයකින් තහවරු කර නැහැ. ඒ නිසා මිත්‍යා බිය පසෙක ලා එන්නත ගන්න කියා තරුණ පිරිසට ඇරියුම් කරනවා.
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ