මහාචාර්ය ආශූ මාරසිංහ
වර්තමාන වසංගත තත්ත්වය හමුවේ ගුරුවරුන් සිය වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉවසිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (13) හවස පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඔන් ලයින් අධ්‍යාපනයට අවශ්‍ය මූලික පහසුකම්වත් දරුවන්ට ලබා දී නොමැති අවස්ථාවකදී වැටුප් වැඩි කරන්නැයි ගුරුවරුන් ඉල්ලන ඉල්ලීම සාධාරණ දැයි සැකයක් හිතෙන බවත් හෙතෙම කීවේය. ඔන් ලයින් අධ්‍යාපනයේදී දරුවන්ට ඩේටා ප්‍රශ්න තිබෙන බවත්, ආණ්ඩුව මේ ප්‍රශ්න අමතක කර ඇති බවත් පෙන්වා දුන්නේය.
ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රශ්නය තේරුම් ගෙන එයට විසඳුමක් නොදුන්නොත් දරුවන්ගේ අනාගතය අඳුරට යන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ශිරෝමි අබයසිංහ