31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථිකයේ මෙන්ම දේශපාලනයේත් ප්‍රතිපත්තිමය වෙනසක් නොවුණොත් රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි

ආර්ථිකයේ මෙන්ම දේශපාලනයේත් ප්‍රතිපත්තිමය වෙනසක් නොවුණොත් රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි

සුනිල් හඳුන්නෙත්ති

ආර්ථිකයේ මෙන්ම දේශපාලනයේ ප්‍රතිපත්තිමය වෙනසක් සිදු නොකළහොත් මෙරට ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පුටු හෝ ඔළුගෙඩි මාරු කොට රටේ තිබෙන ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රකාශ කළ හඳුන්නෙත්ති මහතා ඒ සඳහා ජනතාව සංවිධාන විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (14) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අපේ රටේ තිබෙන ස්වාධීන ආයතනයක්. රටේ ආර්ථිකයට අදාළ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම සහ විනිමය අනුපාත, පොලී අනුපාත ගැන ස්වාධීනව තින්දු ගන්නවා. මහ බැංකුව භාරව ඇමැතිවරයෙක් හිටියත් එහි කටයුතු සිද්ධ වන්නේ මහ බැංකුවේ පාලකවරයා හැටියට කටයුතු කරන මුදල් මණ්ඩලයෙන්. මුදල් මණ්ඩලය තුළ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, වෘත්තීයමයභාවයකින් දායක වෙනවා. නමුත් දැන් සිදු වී තිබෙන්නේ එයට මුදල් රාජ්‍ය ඇමැතිවරයා පත් කිරීමයි.

මුදල් ඇමැතිවරයා විදිහට තීන්දු ගන්න සම්බන්ධ වුණු අය මහ බැංකු අධිපති ලෙස පත්වීම කොතරම් දුරට සදාචාරමය, ආර්ථිකමය සහ අන්තර්ජාතික වහයෙන් කොතරම් හෑල්ලු වෙනවාද කියා බරපතළ විදිහට සලකා බලන්න වෙනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව ගැන වැඩිපුරම සාකච්ඡාවට ලක්වුණේ මහබැංකු බැඳුම්කර වංචාවක් සමඟ කළු චිත්‍රයක් ඇතිවීමෙනුයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්නේම මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවාය කියන පදනමෙන්. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන පාලනය තුළ මහ බැංකු වංචාව සිදුවුණේ ළබැඳියාවන්ගේ ගැටුමකින්.

අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන් ඇලෝසියස් ඥාති සම්බන්ධතාව නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳ තොරතුරු වෙන්දේසියේදී සැපයූවාය කියන පදනම තියෙනවා.

නුවන් හෙට්ටිආරච්චි