25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිෂාඩ්ට රස්නෙයිලු විදුලි පංකාවක් ඉල්ලයි

රිෂාඩ්ට රස්නෙයිලු විදුලි පංකාවක් ඉල්ලයි

මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් දෙන ලෙස එම බන්ධනාගාර පාලනාධිකාරියෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

තමන් රඳවා සිටින මෙම විශේෂ ගණයේ රැඳවුවන් සඳහා වන වාට්ටුවේ සිර මැදිරිය තුළ අධික රස්නයක් පවතින බවත්, තමන් සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ඉල්ලා සිටින බවත් රිෂාඩ් බඳියුදීන් එම ලිපියෙන් ඉල්ලා ඇත. කෙසේවෙතත් ඔහුට විදුලි පංකාවක් දෙන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර නොමැති බැවින් මේ ඉල්ලීම ඉටු නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් දිනමිණට කීවේය.

එමෙන්ම මැගසින් බන්ධනාගාරයේදී වෛද්‍යවරයකුගේ රාජකාරියට බාධා කිරීම සහ රඳවා සිටින සිර මැදිරිය තුළ ජංගම දුරකතනයක් භාවිත කිරීම යන වැරදි ඔහු සිදු කිරීම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමට ද නියමිත බැවින්, බන්ධනාගාරය තුළ විනය විරෝධී ක්‍රියාවන්වල නිරතව වු රැඳවුවන්ට කිසිදු පහසුකමක් ඉල්ලීමට අවස්ථාව හිමි නොවීම යටතේද රිෂාඩ් බඳියුදීන්ට විදුලි පංකාවක් හිමි නොවන බව එම නිලධාරියා පැවැසීය.

බුද්ධීකා ඉඹුලාන