31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ මඟහැරීමට ශ්‍රී ලංකාවට ඉඩක් නෑ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ මඟහැරීමට ශ්‍රී ලංකාවට ඉඩක් නෑ

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට කෙරෙන බලපෑම් මත තව දුරටත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය රැවටවීමට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදේශ මඟ හැරීමට ඉඩක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය රෑස් වූ දිනයේ සිට ශ්‍රී ලංකාව ඉටු කළ යුතු බවට නිර්දේශයන් ගණනාවක් ඉදිරිපත් කළ නමුත් රජය ඒවාට කල් ඉල්ලමින් හා ජිනීවා මානව හිමිකම් කොමිසමට බොරු කියමින් ඔවුන්ව රවට්ටවමින් එම නිර්දේශයන් ඉටු කිරීම අතපසු කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට්ගේ වාචික ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස ගරු කරනවා. ඒ වගේම ඒ ප්‍රකාශය අප අනුමත කරන අතරම එය පිළිගන්නේද විශාල සතුටකින් යුතුවයි.

මානව හිමිකම් මණ්ඩලය ඉතා පැහැදිලිව එම ප්‍රකාශයන් සිදු කරද්දී ශ්‍රී ලංකා රජය හා නියෝජිතයන් එම යෝජනාවන් හා නිර්දේශ මෙවරත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රජයට මෙවර ඉන් බේරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අප ඉතා වුවමනාවෙන් ඒ දෙස බලාගෙන සිටිනවා.

ඒ අතරම මා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ පිළිගෙන ඒ අනුව කටයුතු කරන ලෙසයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ