31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජගත් හමුදා බොක්සිං තරගාවලියට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ අද රුසියාවට

ජගත් හමුදා බොක්සිං තරගාවලියට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ අද රුසියාවට

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරගාවලියේ බොක්සිං ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් සිව්දෙනකු අද (16) රුසියාව බලා යෑමට නියමිතය. රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන මේ තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට අන්තර්ජාතික බොක්සිං විනිසුරු ස්කොඩ්රන් ලීඩර් ප්‍රසාද් විජේසිංහ මහතා ද කණ්ඩායම සමඟ එක්වෙයි.

ලේටන් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලාන සහ ජාතික බොක්සිං වළල්ලේ දස්කම් දක්වා ඇති ගුවන් හමුදා පිලේ චමෝදි පස්යාල මේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරන අතර, සජීවනී කුරේ කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වදී. ඇය ආරක්ෂක සේවා බොක්සිං, ජාතික බොක්සිං සහ තායිලන්ත විවෘත බොක්සිං, දකුණු ආසියා බොක්සිං, ලේටන් කුසලාන සහ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං වළල්ලේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි. එවැනි තරගාවලි රැසක දස්කම් පෑ කෂ්මි තිවංක කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් තරග වදින අතර, ආරක්ෂක සේවා, ලේට්න් සහ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං වළල්ලේ කැපී පෙනෙන දස්කම් දක්වා ඇති ගයනි කළුආරච්චි කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග බිමට එක් වෙයි.

ගෘප් කපිතාන් ඉන්දික වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩා සංචිතයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, විංග් කමාන්ඩර් විරාජ් ගමගේ මහතා එම සංචිතයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ගුවන් හමුදා බොක්සිං සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ධනුෂ්ක ආරියරත්න මහතා විසිනි. තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සුබ පැතුම් එක් කළේය.

ෆවුස් මොහොමඩ්