ඕමල්පේ සෝභිත හිමි
දරුවන්ට කොවිඩ් එන්නත දීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් නිශ්චිත එකඟතාවක් නැති බැවින් දරුවන්ට එන්නත් දී පර්යේෂණ අත්හදා බැලීම් සඳහා යොදා නොගන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෝභිත හිමියෝ පැවසූහ.
පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින සෝභිත හිමියෝ දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ ක්‍රමවේදයන් ගැන අවධානය යොමු කළ යුතු බවද දරුවන්ට එන්නත් දීම සදාචාර විරෝධී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා බවත් පැවසුහ.
එසේ තිබිය දී දරුවන්ට එන්නත් ලබාදීම ගැන තීන්දු ගන්නේ කවුරුන් ද යන්න රජය පැවසිය යුතු බවත් කුසේ සිටින දරුවන්ට එන්නත නිසා බලපෑමක් ඇති වන්නේ නම් කුඩා දරුවන්ට එන්නත ආරක්ෂිතයි බව සදහන් කරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්න කරන සෝභිත හිමියෝ වැඩිහිටියන්ට එන්නත් දීම ගැන ද තවම පර්යේෂණ සිදුවෙන බවත් එම පර්යේෂණ සඳහා දරුවන් යොදා නොගන්නා ලෙසත් ප්‍රකාශ කළහ.
හර්ෂ අතපත්තු වෛද්‍යවරයා අවුරුද්දකට දරුවන් හැදීම කල් දමන්න යැයි සදහන් කරන අදහස මේ අනුව සැක සහිතය බවත් පවුල් සෞඛ්‍ය සංවිධාන මුවාවෙන් සිදු කළ උපත් පාලනය නව මුහුණු වරකින් පැමිණෙන්නේ ද යන්න සැක සහිතය බවත් එම හිමියෝ පැවසුහ.
නුවන් හෙට්ටිආරච්චි