31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේපාල තරගාවලියට අපෙන් 7ක්

නේපාල තරගාවලියට අපෙන් 7ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්න ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමඟ තවත් ක්‍රීඩකයන් සිව් දෙනකු නේපාලයේදී පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊපීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක් වීමට ගිවිසුම්ගත වී තිබේ.

ඒ අනුව අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ සහන් ආරච්චිගේ ද තරගාවලියට සහභාගි වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවෙන් මේ තරගාවලිය සඳහා එක් වන ක්‍රීඩකයන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇත.

මින් පෙර සීක්කුගේ ප්‍රසන්න, උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියට එක් වීම සඳහා ගිවිසුම්ගත වී තිබිණි.

චන්දිමාල් මෙවර ඊපීඑල් තරගාවලියේදී භයිරහවා ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත වූ අතර, ඔහු විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීම නිසා මේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. තරංග සමඟ ධම්මික ප්‍රසාද් ද එක්ව ඇත්තේ ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟිනි. මේ වසර මුලදී ජගත් ක්‍රිකට් පිටියට සමු දුන් ප්‍රසාද් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත්තේ එක් විස්සයි20 තරගයකට පමණි. ඒ 2011 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලේකැලේදීය. කෙසේ වෙතත් ලීග් තරගාවලි සඳහා එක් වූ ඔහු අවසන් වරට මේ වසරේ මාර්තු මස ඉන්දියාවේ පැවැති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියට එක් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත විස්සයි20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් අසේල, ඕෂද සහ සහන්ට මේ අවස්ථාව හිමිව ඇත.

2016 වසරේදී එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ අතර, දෙවැනි තරගාවලියේදී (2017) ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් කත්මණ්ඩු කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.

අවසන් වරට 2018 වසරේ පැවැති මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මේ මස 25 දා ආරම්භ වීමට නියමිත තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා නිමාවට පත් වේ. තරගාවලිය සඳහා සහභාගි වීමට තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මේ 21 දා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර