28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන මන්ත්‍රීන් 21ක් නෙරපීම රනිල්ට එරෙහිව වාරණයක්

පළාත් පාලන මන්ත්‍රීන් 21ක් නෙරපීම රනිල්ට එරෙහිව වාරණයක්

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනකු නෙරපා හැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය ඊයේ (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක් නියෝජනය කරන මෙකී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29දා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන අය මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අතර, එම අයට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත. එම වගඋත්තරකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.

රෝෂන් තුෂාර