25 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසියලු දේශපාලන පක්ෂ එක් කණ්ඩායමක් ලෙස සිට වත්මන් අර්බුදය ජය ගනිමු

සියලු දේශපාලන පක්ෂ එක් කණ්ඩායමක් ලෙස සිට වත්මන් අර්බුදය ජය ගනිමු

මහාචාර්ය ආශු මාරසිංහ

එකිනෙකාට ඇඟිල්ල දිඟු කරමින් නොසිට ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක් කණ්ඩායමක් ලෙස හිඳිමින් වර්තමාන අර්බුදය ජය ගැනීමට ක්‍රියා නොකළොත් රට තවත් බරපතළ තත්ත්වයකට පත් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පවසයි.

මෙහිදී පැහැදිලි දර්ශනයක් ඇති එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ කරුණු 21කින් යුත් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත්දා (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

අප සියලු දෙනාම මරණය ඒළිපත්තේ ඉන්නවාදැයි සමහර විට සිතෙනවා. මුළු ලෝකයේම ඇත්තේ ඒවැනි වාතාවරණයක්. ලෝකය පුරා මිලියන 225කට අධික ජනතාවකට කෝවිඩ් රෝගය වැලඳී තිබෙනවා. ලෝකයේ ජනගහනයෙන් ලක්ෂ 46ක් මිය ගිහින්.

අපේ රටේ 485,922 කට රෝගය වැලඳී 11296ක් මිය ගිහින් තිබෙනවා. මුළු රටම භයංකාර තත්ත්වයකට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රජයේ නිලධාරීන් දරන පරිශ්‍රමය අප අගය කරනවා. අද රෝගීන් සංඛ්‍යාව රෝහල්වල ධාරිතාවට වඩා ඉහළ ගිහින්. මේ නිසා නිවෙස් තුළ රෝගීන් මිය යනවා. රෝහල්වලට යෑම‌ට නොහැකි නිසා වෙනත් රෝගාබාධවලින් මිය යන පිරිසකුත් සිටිනවා. අප සියලු දෙනාම ඒක් වී මෙම තත්ත්වයෙන් ගොඩ යා යුතුයි. ශ්‍රී ලාංකිකයන් මෙවැනි විපත්වලදී සියලු දෙනාම ඒක් වී වැඩ කරන ජාතියක් බව අපට ඉතිහාසය දෙස බැලූ විටත් පෙනෙනවා.

ශිරෝමි අබයසිංහ