31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගන් බොක්සිං ශූරිය රටින් පලා යයි

ඇෆ්ගන් බොක්සිං ශූරිය රටින් පලා යයි

ඇෆ්ගනිස්තානයේ බොක්සිං ශූරියක වූ සීමා රෙසායිට තලේබාන් සංවිධානය විසින් මරණ තර්ජන එල්ල කිරීමත් සමඟ එරටින් පලා යෑමට සිදුව තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය අල්ලා ගන්නා විට ඇය පුහුණුකරු සමඟ බොක්සිං පුහුණුවේ යෙදී සිට ඇති අතර, තලේබාන් සංවිධානය පවසා ඇත්තේ පිරිමි පුහුණුකරුවකු සමඟ පුහුණු වීම් සිදු කිරීමට ගැහැණු ළමයකුට ඉඩ දිය නොහැකි බවයි.

රෙසායි මේ වන විට කටාර්හී රැඳී සිටින අතර, අමෙරිකාවට යෑම සදහා වීසා බලපත්‍රයක් බලාපොරොත්තුවෙන් සිටී. රෙසායි වයස අවුරුදු 16දී බොක්සිං ක්‍රීඩාව ආරම්භ කර ඇති අතර, පවුලේ අගහිඟකම් මැද ක්‍රීඩාව පවත්වාගෙන ගියාය.