30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහ වොලිබෝල් ශූරයන්ට ලක්‍ෂ 3ක පාවහන්

ගම්පහ වොලිබෝල් ශූරයන්ට ලක්‍ෂ 3ක පාවහන්

ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියේ බාලක ශූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා බාලිකා ශූරතාව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම හිමි කර ගෙන තිබූ අතර, ඒ කණ්ඩායම් සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ ඉල්ලීම පරිදි DSI ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් ලක්‍ෂ 3කට වඩා වටිනා පාවහන් පිරිනැමීම දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉකුත්දා සිදු කෙරිණි.

එහිදී ශූරතාව දිනා ගත් බාලක බාලිකා කණ්ඩායම් නායක නායිකාවන්ට මිලාන් ජයතිලක මහතා අතින් පාවහන් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. මේ අවස්ථාවට දොම්පේ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.ඒ.එස්. නිශ්ශංක ආරච්චි, ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ මේනක බාලසූරිය, ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරිනී සන්ධ්‍යා සමන් මඩපාත, තරුණ සේවා නිලධාරිනී අකිල ධනුෂ්කි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ 
සිසිල ගුණතිලක