27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිස්සයි20 තරගාවලියේදී ක්‍රීඩකයන් හිතාමතා දුර්වල වූවා ද?

විස්සයි20 තරගාවලියේදී ක්‍රීඩකයන් හිතාමතා දුර්වල වූවා ද?

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව නිමා වූ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් හිතාමතා දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වූ බවට විවිධ පාර්ශ්ව නඟන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියට ක්‍රිඩා කළේ ද එකම කණ්ඩායමක් බව ක්‍රිකට් ආයතනය ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවැසීය.

ඒමෙන්ම ජය ගත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස නිමා කොට ලෝක කුසලාන තරඟාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ බව ක්‍රිකට් ආයතනය සිහිපත් කර සිටී.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වන මේ අවස්ථාවේ කණ්ඩායම ව්‍යාකුල තත්ත්වයට පත් වීමට ඉඩ ඇති බැවින් මෙවැනි පුවත් ප්‍රචාරයෙන් වැළකී සිටින ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් ද කළේය.