26.1 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෝල්ඩිං මයික්‍රෆෝනය අත්හරී

හෝල්ඩිං මයික්‍රෆෝනය අත්හරී

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා දරුණු වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසුව ජනප්‍රිය විචාරකයකු හා විකාශකයකු ලෙස කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කළ මයිකල් හෝල්ඩිං මහතා විස්තර විචාරක භූමිකාවෙන් සමු ගනියි.

වසර 20ක් පුරා ස්කයි ස්පෝර්ට්ස්හි විචාරක මණ්ඩලයේ සේවය කළ 66 හැවිරිදි ඔහු ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මේ තීරණයට එළැඹ ඇත.

“මට දැන් වයස අවුරුදු 66යි. 1991 ඉඳලා මා සේවය කළා. දැන් සමු ගැනීමට කාලය හරි” ඔහු ගුවන් විදුලි සාකච්ඡාවකදී පවසා තිබිණි.