ආරක්ෂක හේතුන් මත නවසීලන්තය පකිස්ථානයේ එක්දින ක්‍රිකට් සංචාරය අවසන් තත්පරයේදී නවතා දමා පිටත් වෙයි. එක්දින තරග තුනකින් සහ විස්සයි 20 තරග පහකින් සමන්විත මෙම සංචාරය ඊයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණාය්දී ආරම්භවීමට නියමිතව තිබූ අතර තරගය ආරම්භ වීමට තිබියදී නවසීලන්තය තම හෝටලයෙන් පිටව නොගියේය.
තරග ප්‍රමාද වීමට හේතුව ගැන නවසීලන්ත පිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පාකිස්තානයේ තර්ජන මට්ටම ඉහළ යාමෙන් පසුව සහ නවසීලන්තයේ ආරක්ෂක උපදේශකයින්ගේ උපදෙස් මත සංචාරය සිදු නොකිරීමට තීරණය කළ ඇති බවයි.
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට දුරකතනයෙන් කථා කළ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් මහත්මිය කියා සිටියේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතු හෙයින් සංචාරය නවතා දැමීට සිදුවන බවය.