25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්ජ්ශීර් කැරලිකරුවන්ගෙන් රතු එළියක්

පන්ජ්ශීර් කැරලිකරුවන්ගෙන් රතු එළියක්

සාකච්ඡා මාර්ගයෙන් ජාතීන් අතර සමානාත්මකතාවට විසඳුමක් සෙවීමට අසමත්වන්නේ නම් පන්ජ්ශීර් කැරලිකරුවන් ඇෆ්ගනිස්තනයේ සෙසු පළාත්වලට ද ව්‍යාප්ත වනු ඇතැයි එරට දෙවැනි විශාලතම දේශපාලන පක්ෂය වන ජමියට් ඉස්ලාමි පක්ෂයේ නායක සලාහුඩීන් රබානි තලේබාන් සංවිධානයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

වීඩියෝ පටයක් මුදා හරිමින් රබානි ප්‍රකාශ කර ඇත්තේ මේ තත්ත්වය තලේබාන් හිතෛෂින් සහ විරෝධීන් අතර සටනක් නොව ඇෆ්ගනිස්තානය නැවත ගොඩ නැගීමේ සටනක් බවය. මේ වන විට කිසිදු විදේශිය හමුදාවක් රට තුළ නැති බැවින් තලෙයිබාන් සංවිධානයට ඇෆ්ගනිස්තානයේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ කිසිදු බාධාවක් නැති බවත් පෙන්වා දී ඇත.

එරට විවිධ ජාතීන් සමඟ සාකච්ඡා කර ජාතික විසඳුමකට පැමිණීමට තලේබාන් සංවිධානය අසමත් වුව හොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇතැයි ඔහු කියා තිබේ. මේ අතර සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් පන්ජ්ශීර් ප්‍රාන්තයේ තලෙයිබාන් විරෝධි පෙරමුණේ නායක අහමඩ් මසූඩ් ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන අත් නොහරින බවය.