27.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්ජාබයේ කාන්තා හිංසනය ඉහළට

පන්ජාබයේ කාන්තා හිංසනය ඉහළට

පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබයේ කාන්තා හිංසනය ඉහළ ගොස් ඇතැයි එරට නීතිඥ කණ්ඩායමක් ප්‍රකාශ කර ඇතැයි ‘ඩේලිහන්ට්’ පුවත් සේවය වාර්තා කළේය. මේ වසරේ මුල් භාගයේදී එම ප්‍රාන්තයේ කාන්තාවන් 6,754 දෙනකු පැහැරගැනීමට ලක්ව ඇතැයි ද, තවත් කාන්තාවන් 1890ක් පමණ දූෂණයට ලක්ව ඇතැයි ද එම නීතිඥ කණ්ඩායම පෙන්වා දී ඇත.

මේ වනවිට පන්ජාබ් ප්‍රාන්තයෙන් කාන්තා හිංසන සිදුවීම් 3,724ක් වාර්තා වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ. පාකිස්තානයේ ‘ඩෝන්’ පුවත් සේවා වාර්තාවකට අනුව එම ප්‍රාන්තයේ ළමා අපයෝජන සිදුවීම් 752ක් ද වාර්තා වී ඇති අතර, ඉස්ලාමාබාද් නුවර පමණක් කාන්තා දූෂණ වාර්තා 34ක් තම කණ්ඩායමට ලැබී ඇතැයි එම නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. එසේ වුවත් මාධ්‍ය මගින් වාර්තා කර ඇත්තේ එම සිදුවීම්වලින් 27ක් පමණක් බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

ලාහෝර් නුවර එරට වැඩිම ස්ත්‍රී දූෂණ, කාන්තා හිංසන සහ පැහැරගැනීම් වාර්තා වී ඇති අතර, ගෘහස්ථ හිංසනය සහ ළමා අපයෝජන සිදුවිම් වැඩි ප්‍රමාණයක් ලාහෝර් නුවරින් වාර්තා වී ඇත.