පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් එරට ජනතාවගේ මුදල්, ආහාර සහ ඡන්දය උදුරා ගත් බවට චෝදනා කරන පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති බිල්වාල් භූතෝ සර්දාරි අගමැතිවරයාට තම පක්ෂයෙන් කිසිදු සමාවක් නැති බව ප්‍රකාශ කර ඇත.
නව පාකිස්තානයක් ගොඩ නඟන බවට පොරොන්දු වී බලය අත්කර ගත් ඉම්රාන් ඛාන් මේ වනවිට එරට ජන ජීවිතය දැඩි අර්බුදයකට ඇද දමා ඇතැයි ද විපක්ෂය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේ උද්ධමනය සහ විරැකියාව ඉහළ ගොස් ඇතැයි ද, එය ඉතිහාසයේ පෙර නොවූ විරු අයුරින් බරපතළ මුහුණුවරක් ගෙන ඇතැයි ද රජයට චෝදනා එල්ල වී තිබේ.
මිලියන ගණනාවක ජනතාවට රැකියා සහ නිවාස දෙන බවට පොරොන්දු වූ පාකිස්තාන අගමැතිවරයා එරට පුද්ගලයන් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් විරැකියාව දක්වා තල්ලු කර දමා ඇතැයි ද පාකිස්තාන මහජන පක්ෂයේ සභාපතිවරයා වැඩි දුරටත් චෝදනා කර තිබේ. වත්මන් රජයට එරෙහිව වහා නැඟී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.