28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයේ පදක්කමක් ගැලවෙන හැඩ

බ්‍රිතාන්‍යයේ පදක්කමක් ගැලවෙන හැඩ

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ මීටර් 100 පිරිමි සහාය දිවීමේ තරගයේදී මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම හිමි කර ගත් රිදී පදක්කම බොහෝ දුරට එරටට අහිමි වනු ඇතැයි අන්තර්ජාතික පරීක්ෂණ ඒජන්සිය (අයිටීඒ) තහවුරු කරයි. එම කණ්ඩායමේ සාමාජික සීජේ උජාට තහනම් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා එල්ල වූ අතර, එ් සඳහා සිදු කළ පරීක්ෂණ දෙකම ධනාත්මක බව තහවුරු වී තිබේ. ඉතාලියට පිටුපසින් රිදී පදක්කම දිනා ගත් බ්‍රිතාන්‍ය කණ්ඩායම නුසුදුසු වන්නේ නම්, තෙවන තැන පසු වූ කැනඩාවට රිදී පදක්කම හිමි වන අතර, සිව්වැනි ස්ථානයේ සිටි චීනය ලෝකඩ පදක්කම දක්වා උසස් කරනු ඇත. මලල ක්‍රීඩකයාගේ ඉල්ලීම පරිදි, ‘බී’ සාම්පල් පරීක්ෂණය ටෝකියෝවේ රසායනාගාරය මඟින් සිදු කළ බවත් එම ක්‍රියා පටිපාටිය මඟින් ‘ඒ’ සාම්පලයේ ප්‍රතිඵලය තහවුරු වී ඇති බවත් අන්තර්ජාතික පරීක්ෂණ ඒජන්සිය සඳහන් කළේය. එබැවින් මේ තත්ත්වය ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කිරීමට පියවර ගන ඇත.

උජාගේ සාම්පල පරීක්‍ෂා කිරීමේදී මාංසපේශි වර්ධනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය අඩංගු වී ඇති අතර, එය තහනම් උත්තේජකයක් ලෙස නම් කර ඇත.