30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙරවලපිටිය විදුලි බලාගාරය විකුණන ගිවිසුමට ආණ්ඩුව අත්සන් තබා අවසන්

කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණන ගිවිසුමට ආණ්ඩුව අත්සන් තබා අවසන්

අනුර දිසානායක

මෙරට විශාලතම ජාතික සම්පතක් වන කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුම ආණ්ඩුව විසින් අත්සන් තබා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (19) පැවසීය

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එයට තවත් මෙගවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා. මෙය විකුණා දැමීම ජාතික අපරාධයක් වෙනවා යැයි ද හෙතෙම කීවේය.

නුවන් හෙට්ටිආරච්චි