31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමූල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් දවුලගල ඉවත් කිරීම මහ බැංකුවේ මූල්‍ය අපරාධ වසා...

මූල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් දවුලගල ඉවත් කිරීම මහ බැංකුවේ මූල්‍ය අපරාධ වසා ගැනීමේ පළමු පියවරයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මූල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් දවුලගල මහත්මිය ඉවත් කිරීම මහ බැංකුවේ මහා මූල්‍ය අපරාධ වසා ගැනීමට වන පළමු පියවර බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව පැවැසුවේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

“ඇය ඉවත් කළේ තවත් වරක් මහ බැංකුව කොල්ලා කෑමට ද යන සැකය මතු වෙනවා. බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊ. ටී. අයි. ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය යන ඒවා වෝහාරික විගණන මුල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ ඒවා. මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා, දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය. ඇය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කිරීම මහ බැංකුවේ මහා මුල්‍ය අපරාධ වසා ගැනීමට වන පළමු පියවර ලෙස හැඳින්විය හැකියි.

අර්ජුන මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වංචාවට අදාළව සිදු කළ අනීතික ලබැඳියාවන් අතර ගැටුම් සහගත සිදුවීම් කොමිෂන් සභා හරහා හෙළිදරව් වූයේ දවුලගල මහත්මියගේ විශිෂ්ට මෙන්ම නිර්භය රාජකාරි කටයුුතු නිසයි. ලංකා බැංකුවේ රෝහිණී නානායක්කාරගෙන් පසුව ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටම සේවිකාවක් ලෙස දවුලගල මහත්මිය හැඳින්විය හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුවට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට ද ඇය පෙරමුණ ගත්තා.

2010 සිට 2012 සමයේ ඊ. ටී. අයි. ෆිනෑන්ස් සමාගමට අදාළ මූලික කටයුතු සිදු කළ අවස්ථාවේ එවකට බැංකු නොවන මුල්‍ය ආයතනය අධීක්ෂණය කිරීමේ අංශයේ ප්‍රධානියා වූයේ දවුලගල මහත්මිය. ඇය ඊ. ටී. අයි. සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දැඩි නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බදුන් කිරීම එවකට මහ බැංකු අධිපති කබ්රාල් මහතා ප්‍රතික්ෂේප කළා. පසුව 2012 අප්‍රේල් මස ඇය වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීමෙන් ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ට මුදල් අහිමිව ගියා.

අර්ජුන මහේන්ද්‍රන් සහ පිරිස විසින් බැඳුම්කර වංචාව සිදු කිරීමත් සමඟ එහි නිශ්චිත සටහන් ලේඛන ගත කළේ ද දවුලගල මහත්මිය. මේ නිසා 2015දී අර්ජුන මහේන්ද්‍රන් විසින් ඇය මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණය සඳහා යැයි කියමින් පැත්තකට කළා. මහ බැංකුව හා එහි මහජන ධනය කොල්ලකෑමට මහ බැංකු අධිපතිවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ බව දැන් රටම දන්නා කරුණක්. “

අසේල කුරුළුවංශ