31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධ්‍යාපන අර්බුදයෙන් රට ගලවා ගන්න සාධනීය වැඩපිළිවෙළක් නෑ

අධ්‍යාපන අර්බුදයෙන් රට ගලවා ගන්න සාධනීය වැඩපිළිවෙළක් නෑ

රට පාලනය කරන ආණ්ඩුවට හා නායකයන්ට අධ්‍යාපන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට සාධනීය වැඩපිළිවෙළක් තිබෙන බවක් පෙනෙන්නට නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම අවාසනාවන්ත අධ්‍යාපන අර්බුදයේ වර්තමාන හා අනාගත ප්‍රතිවිපාකයන්හි බරපතළකම හා ව්‍යසනකාරි බව මෙරට පාලකයන්ට නොපෙනීම හා අවබෝධ නොවීම අතිශය පිළිකුල් සහගත බව ද ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දශක ගණනාවක් භුක්ති විඳින ලද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිඳු අසරණ දරුවන් බැහැර කෙරෙමින් පවතින අතර ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ගොඩනැඟු හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කළ පාසල් දරුවන් උදෙසා නොමිලේ නිල ඇඳුම් ලබාදීම, පෝෂණීය ආහාර සැපයීම, මාපිය කැපකරු භාරකාර ක්‍රමය ඇතුළු විවිධ සුබසාධන වැඩසටහන් ඔස්සේ සුරක්ෂිත කරනු ලැබූ නිදහස් අධ්‍යාපනය අද දවසේ පොදු ජනතාවට, ඔවුන්ගේ දරුවන්ට අහිමි කෙරෙමින් පවතින්නේ ඉතාමත් ඛේදනීය අයුරින් බව දඑහි දක්වා තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම සමඟි ජන බලවේගයේ නායකවරයා හා රටේ විපක්ෂ නායකවරයා වශයෙන් පිළිකුළෙන් යුතුව බැහැර කරන බවද එහි දක්වා ඇත. ගුරු විදුහල්පති වැටුප් විසමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඞ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් පාලකයන්ට බල කර කියා සිටින බවත් එහි සඳහන් කර තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්