27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආසියා සත් සාමාජික රග්බි නොවැ: 19-20 ඩුබායිහිදී

ආසියා සත් සාමාජික රග්බි නොවැ: 19-20 ඩුබායිහිදී

කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ ආසියා රග්බි ක්‍රීඩාව යළි පණ ගන්වමින් ආසියා කුසලාන සත් සාමාජික වාර්ෂික රග්බි තරගාවලිය ලබන නොවැම්බර් මස 19 සහ 20 දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වීමට පසුගියදා ආසියා රග්බි සංගමය දින තීන්දු කළේය. ඩුබායි නගරය කේන්ද්‍ර කරමින් මේ තරගාවලිය පැවැත්වීමට මීට පෙර තීරණය වූවද අදාළ දින වකවානු තීරණය කරනු ලැබුවේ පසුගියදාය.

මීට පෙර අදියර තුනකින් යුතුව පැවැත්වූ ආසියා කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාව කොවිඩ් වසංගතයේ බලපෑම නිසා මෙවර එක් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, එය 2022 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් බවට පත් වී ඇත. එමෙන්ම එය ලබන වසරේදී චීනයේ පැවත්වෙන ආසියා ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබෙන ශ්‍රේණිගත කිරීම්වලට ද ඇතුළත් වනු ඇත.

සුපුරුදු පරිදි කාන්තා හා පිරිමි වශයෙන් පැවැත්වෙන ආසියා කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවේ හොඳම කණ්ඩායමක් 8ක් එක්වී සිටී. මේ තරගාවලිය ඩුබායි නුවර පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය පසුගිය වසර කිහිපයේදී චීනය (පළමු අදියර), දකුණු කොරියාව (දෙවැනි අදියර) සහ ශ්‍රී ලංකාව (තුන්වැනි අදියර) කේන්ද්‍ර කරමින් පැවැත්විණි.

මීට පෙර අවසන් වරට 2019 පැවැති ආසියා සත් සාමාජික රග්බි තරගමාලාවේ කාන්තා හා පිරිමි සමස්ත ශූරතා ද්විත්වයම ජපානය දිනාගත් අතර, හොංකොං පිලට අනුශූරතාව හිමි විය. ශ්‍රී ලංකාව සිව්වැනි තැනට පත් විය.

ෆවුස් මොහොමඩ්