අනුර දිසානායක
මෙරට විශාලතම ජාතික සම්පතක් වන කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුම ආණ්ඩුව විසින් අත්සන් තබා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (19) පැවසීය
ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එයට තවත් මෙගවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා. මෙය විකුණා දැමීම ජාතික අපරාධයක් වෙනවා යැයි ද හෙතෙම කීවේය.
නුවන් හෙට්ටිආරච්චි