නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස්ට සිදු කළ හෘදය සැත්කමකදී අංශභාග රෝගියකු බවට පත් වෙයි. මේ හේතුවෙන් තමාගේ ජීවිතයේ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වන බව හෙතෙම පවසා සිටී. 2000 දශකයේ මුල් භාගයේ ලොව ඉහළ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ 51 හැවිරිදි කෙයාන්ස් ප්‍රධාන ධමනියක් අවහිර වී තිබීමෙන් පසුගිය මාසයේ හෘදය සැත්කමකට භාජනය විය.