ඇෆ්ගනිස්තාන ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකෙරෙන්නේ නම් ලබන වසරේ මැද භාගය වන විට එරට දරිද්‍රතාවවේ පතුලටම ඇද වැටිම යථාර්ථයක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඒජන්සිය මඟින් එළි දැක්වූ වාර්තාවකින් අනතුරු අඟවා තිබේ.
අතිශය බරපතළ ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමෙන් පසු මේ බිඳ වැටීම ඉතා වේගයෙන් සිදු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඒජන්සියේ වාර්තාවක් උපුටා දක්වමින් ‘ඩේලි මේල්‘ පුවත් සේවය වාර්තා කළේය.
එරට දේශීය දළ නිෂ්පාදනය තලේබාන් පාලනයත් සමඟ පහත වැටෙමින් පවතින බවත්, වසර 2020 ජූනි මාසයේ සිට ආරම්භ වන ඉදිරි මූල්‍ය වර්ෂයේදී එරට දේශීය දළ නිෂ්පාදනය 3.6 % සහ 13.2% අතර ප්‍රමාණයකට ඇද වැටෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන් වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
වර්තමානයේ ඇෆ්ගනිස්තානයේ දිළිඳුභාවයේ අනුපාතය 72%ක් වන අතර, වහා පියවරක් නොගන්නේ නම් එම අගය 97.98% දක්වා ඉහළ යනු ඇතැයි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා සඳහන් කර ඇත.