28.4 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝලි බැංගලෝර් නායකත්වයත් අත්හරී

කෝලි බැංගලෝර් නායකත්වයත් අත්හරී

වසර 9ක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායකයා ලෙස කටයුතු කළ විරාට් කෝලි මෙවර තරගාවලියෙන් අනතුරුව නායකත්වයට සමුදීමට තීරණය කරයි. බැංගලෝර් කණ්ඩායම සතු ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ කෝලි “මේ තරගාවලිය නායකයා ලෙස මගේ අවසන් තරගාවලියයි. කෙසේ වෙතත් මගේ අවසන් අයිපීඑල් තරගය තෙක් මම බැංග්ලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස සිටිනවා. මා කෙරෙහි විශ්වාස තැබීම සහ සහයෝගය දීම ගැන සියලු ප්‍රේක්ෂකයන්ට ස්තුතියි” යැයි පවසා තිබේ.

කෝලි මේ තීරණය ගෙන ඇත්තේ ලබන මස පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි20 ජාතික කණ්ඩායමේ නායකත්වයට සමු දීමටත් සූදානමින් සිටියදීය.

2013 වසරේ රෝයල් චැලෙන්ජර්ස් නායකත්වයට පත් වන කෝලි මේ දක්වා පැවැති තරගාවලි නමයේදීම කණ්ඩායම මෙහෙය වූ අතර, 2016 වසරේ අනු ශූරතාව දිනා ගැනීම එම කණ්ඩායමේ ඉහළම ජයග්‍රහණය විය.

අයිපීඑල් තරගාවලියේදී කෝලිගේ නායකත්වයෙන් රෝයල් චැලෙන්ජර්ස් තරග 132කට එක් වූ අතර, ඉන් තරග 62ක් ජය ගෙන තිබේ. පරාජය වී ඇති තරග සංඛ්‍යාව 68කි.