31.7 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගයික්වාඩ් චෙන්නායිට ජය ගෙනෙයි

ගයික්වාඩ් චෙන්නායිට ජය ගෙනෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ අත්හිටුවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ කරමින් ඩුබායිහිදී පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ 30 වැනි තරගය වූ ⁣මේ තරගයේදී චෙන්නායි පිල හමුවේ මුම්බායි ඉන්දියන්ස් පිල පරාජයට පත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පෙරමුණට ඒමට චෙන්නායි පිලට හැකි විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස මුම්බායි පිලට ඕවර20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 136ක් පමණි.

සෞරව් තිවාරි පන්දු 40කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් රැස් කරමින් මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේදී ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 3ක් සහ දීපක් චහාර් කඩුලු 2ක් දවා ගත්හ.

චෙන්නායි ඉනිමේදී නායක මහේන්ද්‍ර සිං දෝනි සමඟ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනකු ලකුණු 24ක් යළි ක්‍රීඩාගාරයට හැරී ගිය ද හුදෙකළා සටනක නිරත වූ ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 88ක් රැස් කරමින් ලකුණු පුවරුව ඉහළට ගෙන ගියේය. පන්දු 58ක් වැය වූ ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. ඩ්වේන් බ්‍රාවෝ පන්දු 8කින් ලකුණු 23ක් සහ රවින්ද්‍ර ජඩේජා ලකුණු 26ක් ඉනිමට එකි කළහ.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට්, ඇඩම් මිල්නේ සහ ජස්ප්‍රීට් බුම්රා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා සම්මානය ගයික්වාඩ්ට හිමි විය.