27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ සරසවියක වෙඩි තැබීමකින් 5ක් මරුට

රුසියාවේ සරසවියක වෙඩි තැබීමකින් 5ක් මරුට

රුසියාවේ විශ්වවිද්‍යාලයක ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. තවත් පුද්ගලයන් 6 දෙනකුට තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ සිටි සිසුන් ජීවිත බේරා ගැනීමට කවුළුවලින් බිමට පනින අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

රුසියාවේ පර්ම් ස්ටේට් යුනිවර්සිටි කැම්පස් හි ඊයේ උදැසන සිදු වූ මේ විවෘත වෙඩි තැබීම සිදු කරනු ලැබූ සිසුවා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.