28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසර 50කට පසු ස්පාඤ්ඤයේ ගිනි කන්දක් පුපුරා යයි

වසර 50කට පසු ස්පාඤ්ඤයේ ගිනි කන්දක් පුපුරා යයි

නිවාස රැසක් ගිනිබත් වෙයි

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ලා පල්මා දූපතේ ගිනි කන්දක් වසර 50කට පසු සක්‍රීය වීමෙන් අවට පළාත පුරා ලාවා විසිරීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. අවසන් වරට මේ ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ 1971 වසරේදීය. පවතින තත්ත්වය මත මේ දකුණු දිග දූපතේ පදිංචි වැසියන් පමණ ඉවත් කිරීමට බලධාරීහු කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. ලා පල්මා දූපතේ ජනගහණය අසූදහසක් පමණ වන අතර, මෙහෙයුම් කඩිනම් කළ යුතු බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

මීටර් 15ක් පමණ උසට ලාවා විසිරෙමින් පවතින අතර, දැනටමත් නිවාස රැසක් ගිලගෙන ඇතැයි වාර්තා වේ. සංචාරකයන්ගේ සිත් ගත් ගමනාන්තයක් වන ලා පල්මා දූපතේ ගිනි කන්ද සක්‍රීය වන අවස්ථාවේ එහි පන්දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් සිටි බව වාර්තා වේ.

ගිනි කන්ද පිපිරීමට පටන්ගෙන ඇත්තේ පසුගිය ඉරිදා දහවල් කාලයේදීය. එම ගිනි කන්ද කුම්බ්‍රි වයිජා නමැති ජාතික වනෝද්‍යානයක් ආසන්නයේ පිහිටා ඇති බැවින් එනමින් හඳුන්වනු ලබන අතර, එය කැනරි දූපත් සමූහයේ ඇති වඩාත්ම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකේ.