27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිටපු බොක්සිං ශූරයා ජනපති ඡන්දයට

හිටපු බොක්සිං ශූරයා ජනපති ඡන්දයට

ලෝක බොක්සිං වළල්ලේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයකු වන මැනී පැකියාඕ ලබන වසරේ පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය. වසර 2016දී පිලිපීන සෙනෙට් සභාවට ද තේරී පත් වූ 42 හැවිරිදි පැකියාඕ එරට පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයෙන් ජනපති සටනට යෝජනා කර ඇති අතර, ඔහු එම යෝජනාව බාර ගෙන ඇතැයි වාර්තා වේ. පිලිපීනයේ වත්මන් ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ එම පක්ෂයේ නායකයා වුව ද, එරට ව්‍යවස්ථාවට අනුව ඔහුට ඊළඟ ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය.

කලක් ජනපති ඩුටර්ටේ සහ පැකියාඕ හොඳම හිතවතුන් බවට පත් වී සිටි අතර, මේ වනවිට දෙදෙනා අතර ඇතිවී තිබෙන විරසකය හේතුවෙන් පක්ෂය ඇතුළත ද පිල් බෙදීමක් සිදුවී තිබේ. කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට ලැබුණු විදේශාධාර ඩොලර් කෝටි 20ක අති විශාල මුදල් ප්‍රමාණයක් දිළිඳු පවුල් අතර බෙදා දීමේදී සිදු වූ මහ පරිමාණ වංචාවට ජනපතිවරයා හවුල් බවට පැකියාඕ චෝදනා එල්ල කර ඇත. එමෙන්ම පිලිපීනයේ පසුගිය කාලය තුළ සිදුවූ දූෂණ වංචා රැසකට වත්මන් ජනපතිගේ සම්බන්ධයක් ඇතැයි කියමින් පැකියාඕ ඒ සඳහා විමර්ශනයක් ද ඉල්ලා තිබේ.

ලෝක බොක්සිං වළල්ලේ විවිධ බර පන්ති 8ක ශූරතාව දිනූ ලොව එකම ක්‍රීඩකයා වන පැකියාඕ වසර 26ක ක්‍රීඩා ජීවිතයෙන් සමු ගැනීමෙන් පසු දේශපාලන පොර පිටියට එක් විය.