28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ අයිපීඑල් පෙන්වීම තහනම්

ඇෆ්ගනිස්තානයේ අයිපීඑල් පෙන්වීම තහනම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දෙවන අදියර ඇෆ්ගනිස්තානයේ විකාශය කිරීම තහනම් කරයි. අයිපීඑල් තරග අතරතුරදී හා එහි වැඩසටහන් විකාශයේදී ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් තිබිය හැකි බවට එරට රජය කළ උපකල්පනයක් අනුව මේ තහනම ක්‍රියාත්මක වේ.

මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර මුල්ම තරගය දැකබලා ගැනීමට බොහෝ දෙනකු අපේක්ෂාවෙන් සිටියද එම අපේක්ෂා සියල්ල බොඳ වී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේබාන් සංවිධානය යටතේ පවතින ඇෆ්ගනිස්ථාන පාලනය බොහෝ ක්‍රීඩා ඇතුළු බොහෝ විනෝදාස්වාදයන් තහනම් කර ඇත. එමෙන්ම කාන්තාවන්ට ක්‍රීඩා කිරීම ද තහනම් කොට තිබේ.