28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝලිගේ පිලට කොල්කටාවෙන් දරුණු ප්‍රහාරයක්

කෝලිගේ පිලට කොල්කටාවෙන් දරුණු ප්‍රහාරයක්

වරුන් චක්‍රවර්ති සහ ඇන්ඩ්‍රි රසල්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල හමුවේ කඩුලු 9ක පරාජයක් අත් කර කර ගැනීමට විරාත් කෝලී නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සිදු විය.

අයිපීඑල් තරගාවලියේ 30 වැනි තරගය ලෙස අබුඩාබිහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිල ලකුණු 92කට සීමා කළ කොල්කටා ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් ජයග්‍රාහි ඉලක්කය පසු කළේ පන්දු 60ක් ඉතිරිව තිබියදීය. මෙය කොල්කටා පිලට හිමිව වූ තෙවැනි ජය මෙන්ම බැංගලෝර් පිලේ තෙවැනි පරාජයයි. බැංගලෝර් සහ කොල්කටා පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ 5 වැනි ස්ථානවල රැඳී සිටී.

ශුබ්මන් ගිල් පන්දු 34කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් සහ වෙන්කටේෂ් අයියර් පන්දු 27කින් නොදැවී ලකුණු 41ක් රැස් කරමින් කොල්කටා ඉලක්කය සපුරා ගත්හ. යුස්වේන්ද්‍ර චාහල් කඩුල්ලක් බිඳ දැමූ අතර, සිය මංගල අයිපීඑල් තරගයට ක්‍රීඩා කළ වනිඳු හසරංග ඕවර 2ක් යවමින් ලකුණු 20ක් දුන්නද කඩුලු දවා ගැනීමට නොහැකි විය.

සිය 200 වැනි අයිපීඑල් තරගයට ක්‍රීඩා කළ බැංගලෝර් නායක විරාත් කෝලිගේ ඉනිම ලකුණු 5කට සීමා වූ අතර, ලකුණු 22ක් රැස් කළ දෙව්දුත් පඩික්කාල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ප්‍රබල පිතිකරුවන් වූ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 10කටත්, ඒ. බී. ඩිවිලියර්ස් ලකුණු රැස් කිරීමට පෙරත් දැවී ගිය අතර, වනිඳු හසරංගගේ මංගල අයිපීඑල් ඉනිම එක පන්දුවකට සීමා වූයේ වරුන් චක්‍රවර්ති හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙනි. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති ලකුණු 13කට කඩුලු 3ක් ද ඇන්ඩ්‍රි රසල් ලකුණු 9කට කඩුලු 3ක් ද බිඳ දැම්මේය.