29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියා ටේබල් ටෙනිස් තරගාවලියට 9ක්

ආසියා ටේබල් ටෙනිස් තරගාවලියට 9ක්

සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 05 දක්වා දෝහා කටාර් දේශයේ පිහිටී ලුසේල් ක්‍රීඩා සංකීර්ණයේදී ක්‍රියාත්මක කෙරෙන 25 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා ටේබල් ටෙනිස් තරගාවලියට සහභාගි කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නම් කර තිබේ.

මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 05 දෙනකු සහ ක්‍රීඩිකාවන් 04 දෙනෙකු අයත් වෙති.

මෙවර පිරිමි කණ්ඩායමේ නායකත්වය චමීර ගිනිගේ විසින් හොබවන අතර, නායිකාව ලෙස ඉෂාරා මධුරංගී නම් කර තිබේ. මෙවර නායකත්වයට පත් කර ඇති චමීර ගිනිගේ සහ ඉෂාරා මධුරංගී මෙන්ම සෙනුර සිල්වා හා බිමන්දී බණ්ඩාර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව අන්තර්ජාතික පදක්කම් ලාභීහු වෙති. නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජ, මුතුමාලී ප්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටීම කැපී පෙනේ.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස චතුර දුෂාන් ද සිල්වා මහතා කටයුතු කරයි.

අනුරාධ බණ්ඩාර