29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදඩල්ලට වෙරළ ක්‍රීඩාංගණයක්

දඩල්ලට වෙරළ ක්‍රීඩාංගණයක්

ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ වොලිබෝල් හා පාපන්දු ක්‍රීඩා සඳහා වෙරළ ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පසුගියදා තීරණය කෙරිණි.

අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව මේ ක්‍රීඩාංගණය ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදි කිරීමට යොජනා විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා අතර ජාතික වෙරළ සංරක්ෂණ අධිකාරියේදී සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

එහිදී යෝජිත ස්ථානයේ බිම් සැකසුම් කටයුතු කිරීමට වෙරළ සංරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන් අතර, ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කර දෙන ලෙස ශ්‍රී ලංකා පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය.

නන්දසිරි වැලිගමගේ – ගාල්ල දිසා සමූහ