31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුෂාන් ජයවර්ධන විධායක අධ්‍යක්ෂවරයෙක් නොවේ

තුෂාන් ජයවර්ධන විධායක අධ්‍යක්ෂවරයෙක් නොවේ

 රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වූ තුෂාන් ජයවර්ධන විධායක අධ්‍යක්ෂවරයෙක් නොවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. ඔහු එම තනතුරට පත් කළේ හිටපු විෂය භාර ඇමැතිවරයා බවත්, ඔහුට අලුත් ඇමැතිවරුන් සමඟ කටයුතු කිරීමට නොහැකි නම් එම තනතුරින් ඉල්ලා අස්වීමට සදාචාරාත්මක අයිතියක් තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඔහු මාස හයක පමණ කාලයක් මාධ්‍ය ඉදිරියට පැමිණ විවිධ අයුරින් චෝදනා ඉදිරිපත් කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා කිසිඳු චෝදනාවක් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට තමා හෝ ‍විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හෝ දුරකථන ඇමතුමක්වත් ලබා දී නැති බවත් ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, පහන් විජේසේකර