31.1 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්ව සමුළුවට සුවිශාල වගකීමක් පැවරෙනවා

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්ව සමුළුවට සුවිශාල වගකීමක් පැවරෙනවා

ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට වැදගත් කාර්යභාරයක් හා සුවිශාල වගකීමත් පැවරී ඇතැයි ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

වර්තමාන තත්ත්වය යටතේ සියලුම සාමාජිකයන්ට සහ නිරීක්‍ෂකයන්ට විශිෂ්ට සේවයක් සැපයිය හැකි බවද ඇමැති වරයා CICAහි විධායක අධ්‍යක්ෂ කයිරාත් සරීබේ මහතා නිව්යෝර්ක්හිදී හමු වී පැවසීය .

CICA ආයතනයේ සාමාජිකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් එහි පොදු අරමුණු අනුව එහි වැඩකටයුතු මෙහෙය වියයුතු බව ඇමැතිවරයා අවධාරණය කර තිබෙන අතර, ශ්‍රී ලංකා රජය සංවිධානයට සහයෝගය දැක්වීම සඳහා කැප වී සිටින බවද ලෝකයට ප්‍රයෝජනවත් අවබෝධයක් ලබා දීමට CICAට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කර ඇත. සාමාජික රටවල් 27ම සතුව ශක්තිමත් ආයතන පවතින බවත්, ලෝකය කොවිඩ්-19 වසංගතයෙන් මිදීමට උත්සාහ දරන විට අත්දැකීම් සහ ප්‍රවීණතාව හුවමාරු කර ගැනීම වාසියක් වන බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

මහින්ද අලුත්ගෙදර