කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වත්මන් අගමැති ජස්ටින් ට්‍රෘඩර්ගේ ලිබරල් පක්ෂයට සියුම් ජයක් අත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැතිවරණයට පෙර අනාවැකි පළ වූ ආකාරයටම විරුද්ධ පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වූ අතර, අවසන් ප්‍රතිඵලයේදී පාර්ශ්ව දෙකම කරට කර සටනක නිරතව සිටි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.
සුළුතර රජයක් පිහිටුවමින් බලය රැකගෙන සිටි කැනඩාවේ අගමැතිවරයා මෙවර මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපේක්ෂා කළද, ආසන 338කින් සමන්විත කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුගේ ලිබරල් පක්ෂයට හිමි වූයේ ආසන 157ක් පමණි. ඒ අනුව ඔහුට යළිත් සෙසු පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවා ගැනීමට සිදු වී ඇත. කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා මෙන්ම විපක්ෂ නායකයා ද වන එරින් ඕ ටූල්ගේ පක්ෂයට ආසන 122ක් හිමි විය.