30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු එක්දින ගැටු‍ෙමන් ඔස්ට්‍රේලියා කාන්තාවන්ට ජය

පළමු එක්දින ගැටු‍ෙමන් ඔස්ට්‍රේලියා කාන්තාවන්ට ජය

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි වෙයි. රේ මිචෙල් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර ඕවර් 50 අවසානයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 225කට දැවී ගියහ.

පිළිතුරු ඉනිම දියත් කළ ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට සමත් විය. ඔස්ට්‍රේලියාව වෙන්වෙනු අගනා පිතිහරඹයක නිරත වූ රෙචල් හේන්ස් පන්දු 100කදී හතරේ පහර 7ක් සහිතව නොදැවී ලකුණු 93ක් ලබාගත් අතර මෙග් ලෙනින් නොදැවී ලකුණු 53ක් ලැබුවාය. ආරම්භක පිතිකාරිණී අලෙයිසා හීලී පන්දු 77කදී හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 77ක් ලබා ගත්තාය.

ඉන්දියාව වෙනුවෙන් ලකුණු 63ක් ලබා ගැනීමට නායිකා මිතලී රාජ් සමත් වු අතර පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාවේ ඩාසී බ්‍රවුන් කඩුලු 4ක් බිද හෙළීය.