27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේ විදිහට ගියොත් නම් ජනතාවට විලි වහගන්න විදිහක් නැති වේවි

මේ විදිහට ගියොත් නම් ජනතාවට විලි වහගන්න විදිහක් නැති වේවි

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

මේ යන විදිහට ගියොත් විලි වහගන්න අමුඩ ලේන්සුවක් මිලදී ගන්න විදිහක් නැතුව රටේ ජනතාවට නිර්වස්ත්‍රව ඉන්න වෙන දවස වැඩි ඈතක නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් වරයා මේ බව පැවසුවේ කොවිඩ් උවදුර හේතුවෙන් රට වසා දැමීම තුළ විපතට පත් හලාවත ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇති වැඩසටහනකට එක් වෙමිනි.

හලාවත කොරයා මාවතේ ජනතාවට මෙහිදී සති දෙකකට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමක්ද සිදු විණි. මේ අවස්ථාවට හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක ස්ටීවන් ප්‍රනාන්දු හලාවත නාගරික මන්ත්‍රී නිතිඥ නිහාල් සුමනධීර යන මහත්වරු එක්ව සිටියහ.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් රංගේ බණ්ඩාර මහතා-

“වර්තමානයේ එනම් මේ මොහොතේ, පෝලිම් යුගයක් නිර්මාණය වී තිබෙනවා . මේ වන විට එන්නතට මෙන්ම කඩේ බඩු ගන්න වී තියෙන්නෙත් පෝලිමේ සිටයි. සමූපකාරයේ බඩු ගන්නත් පෝලිම, සිමෙන්ති ගන්නත් පෝලිම. දැන් මේ තත්ත්වය එක්ක බඩු ගෙන්වීම අඩපණ වන විට ඒවා අවශ්‍ය තරමට නැත්නම් මිනිසුන්ට හැත්තෑවෙ යුගයට ආයේ යන්න වෙනවා.

ඉහළ යන භාණ්ඩ මිල නිසා පාරිභෝගිකයන්ට අත්වනුයේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්.”

ප්‍රසාද් පුර්ණමාල් – පුත්තලම දිසා සමූහ