වසර 5කට පසු පැවැති රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ එක්සත් රුසියා පක්ෂය විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත් වී තිබේ. එම පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ මෙවර මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා නියෝජිතයන් 450ක් දෙනකු තෝරා ගැනීමට නියමිතව තිබෙන අතර, පසුගිය 17 වැනිදා සිට 19 දක්වා දින තුනක් පුරා පැවැති මැතිවරණයේදී පුටින්ගේ පාලක පක්ෂය ඇතුළු ඊට සහාය පළ කරන පක්ෂ 50%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා තිබේ. කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පුටින්ගේ පාර්ශ්වය ජයගත්තේ ප්‍රයෝගකාරී ලෙස බවත්, මැතිවරණය දූෂිත එකක් බවත් විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කරමින් සිටී. ඡන්දය භාවිත කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදු වූ බවටත් විරුද්ධ පක්ෂ චෝදනා කර තිබේ.
පුටින්ගේ එක්සත් රුසියා පක්ෂයේ ප්‍රබලතම විරුද්ධවාදියා වන කොමියුනිස්ට් පක්ෂයට ලැබී ඇත්තේ ඡන්ද සංඛ්‍යාවෙන් 19%ක් පමණි. ඒ අනුව පුටින්ගේ පාර්ශ්වයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි වනු ඇතැයි වාර්තා වේ.
ස්වයං නිරෝධායනයට ලක්වී සිටින රුසියානු ජනාධිපති පුටින් මෙවර ඡන්දය භාවිත කළේ ඔහුගේ නිවෙසේ සිට අන්තර්ජාලය ඔස්සේය. මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව රුසියානු මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.