26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලියාපදිංචි නොවූ අලි පොදු දේපළක්

ලියාපදිංචි නොවූ අලි පොදු දේපළක්

අනුර කුමාර දිසානායක

අලි නීත්‍යානුකූල කිරීමත්, ලියාපදිංචි නොකළ අලින් ලියාපදිංචි කිරීමත් මෙම ගැසට් නිවේදනයේ අරමුණ බව ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

1991 පනත අනුව ලියාපදිංචි නොකළ අලියකු ‍ වේ නම් ඔහු පොදු දේපළක් බවත් මෙම ගැසට් නිවේදනය අනුව ලියාපදිංචි නොකළ අලින් ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙමඟින් අලි ජාවාරම සාධාරණය කිරීමක් සිදු වන බවද හෙතෙම පැවසීය. 1991 වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අනුව වනජීවි රාජ්‍ය ඇමැතිවරයාට ගැසට් නිවේදනයක් නිකුත් කළ හැකිද යන ගැටලුව තමන්ට ඇතිවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවැති විවාදයට එක් වෙමිනි.

ස්වර්ණා විජේකෝන්, පහන් විජේසේකර