ලොහාන්ගේ බන්ධනාගාර සිද්ධිය
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත් එම සිද්ධියේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී මහතා මේ බව සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම සිදුවීමට දේශපාලනික හෝ ජනවාර්ගික මුහුණුවරක් දීමට උත්සාහ නොකළ යුතු බවත්, මෙය එවැනි ආකාරයේ සිදුවීමක් නොවන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා දෙන වාර්තාව පදනම් කරගනිමින් රජය සුදුසු තීරණ ගන්නා බවද ඇමතිවරයා පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආයතන පරීක්ෂණ සිදු කරන අතර අවශ්‍ය නම් නීතිපතිවරයාට මෙම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කර ඊට අවශ්‍ය උපදෙස් ලබා දිය හැකි බවද ඇමැතිවරයා සඳහන්කළේය. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලි සබ්රි මහතා මෙසේද පැවසීය.
ස්වර්ණා විජේකෝන්, පහන් විජේසේකර