31.7 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාව සමඟ තරගයට සතියක කාලයක් තිබියදී බංග්ලාදේශය පාපන්දු ප්‍රධාන පුහුණුකරු මාරු...

ශ්‍රී ලංකාව සමඟ තරගයට සතියක කාලයක් තිබියදී බංග්ලාදේශය පාපන්දු ප්‍රධාන පුහුණුකරු මාරු කරයි

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී තවත් සතියක පමණ කාලයකදී ශ්‍රී ලංකාව සමග තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බංග්ලාදේශ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු ධූරයෙන් ඉවත්කොට නව පුහුණුකරුවෙකු පත් කරයි. ප්‍රධානතම තරගාවලියක් අතලග තිබියදී ප්‍රධාන පුහුණුකරු ඉවත් කිරීම හේතුවෙන් බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම තුළ අර්බුදයක් හටගන ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ජේමි ඩේ මහතා ඉවත්කොට ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් බර්සන් මහතා එම තනතුරට පත් කිරීමට බංග්ලාදේශ පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත. ඉවත්කළ පාපන්දු පුහුණුකරු ජේමි ඩේ මහතාගේ කොන්ත්‍රාත්තුව නිමාවීමට තවත් වසරක කාලයක් තිබියදී ඔහු ඉවත් කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.

2018 අගෝස්තු මාසයේ සිට 41 හැවිරිදි බ්‍රිතාන්‍ය පුහුණුකරු බංග්ලාදේශ පාපන්දු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර තරඟ 29 කදී ජයග්‍රහණ 9 ක්, පරාජයන් 15ක් හා ජයපරාජයෙන් තොරව තරග 5ක් ලෙස ප්‍රතිඵල ලබාදී තිබේ.

ලබන මස 1 දා දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය ආරම්භ කරද්දීම

තරගාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඔක්තෝබර් 4 දා ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරනු ඇත, ඔක්තෝබර් 7 දා බංග්ලාදේශය සත්කාරක සහ වත්මන් ශූර මාලදිවයින සමඟ හා 13වැනිදා නේපාලය සමග තරග වැදිමට සූදානමන් සිටී.

බංග්ලාදේශ නව පුහුනුකරු ඔස්කාර් බර්සන් මහතා මෙයට පෙර ඉන්දියාවේ මුම්බායි පාපන්දු පිල සහ මාලදිවයිනේ නිව් රේඩියන්ට් හී පුහුනුකරු ලෙස කටයුතු කොට ඇත. ඔහු තාවකාලික පදනම මත වැඩ භාරගෙන ඇති අතර මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිව්කොන් පාපන්දු තරඟාවලිය දක්වා ප්‍රධාන පුහුණුකරු ධූරයේ සිටිනු ඇත.

 

ප්‍රින්ස් ගුණසේකර