30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුණවීරත් එවරස්ට් නඟියි

මුණවීරත් එවරස්ට් නඟියි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මුණවීර නේපාලයේදී පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊපීඑල්) ක්‍රිකට් තරගාවලියට එක් වෙයි.

ඔහු බිරාත්නගර් වොරියර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, එම කණ්ඩායමට එක් වූ සිව්වැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ මුණවීරය.

ඔහුට පෙර සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා, කැනඩාවේ රයන් ඛාන් පතාන් සහ බටහිර ඉන්දීය කොදෙව්හි චන්ද්‍රපෝල් හම්රාජ් බිරාත්නගර් පිල සමඟ ගිවිසුම්ගත වී තිබේ.

මුණවීර සමඟ මේ තරගාවලියට එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන උපුල් තරංග සහ ධම්මික ප්‍රසාද් සමඟ සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ සහන් ආරච්චිගේ ද මේ තරගාවලියට සහභාගි වීමට නියමිතය.

2012 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික විස්සයි20 තරග වරම් හිමි කර ගත් 32 හැවිරිදි මුණවීර අවසන් වරට ජගත් විස්සයි20 තරගයකට එක් වූයේ 2017 වසරේ පාකිස්තානයට එරෙහිව ලාහෝර්හිදීය. මේ වන විට අන්තර්ජාතික විස්සයි20 තරග 13කට එක් වූ ඔහු ලකුණු 215ක් රැස් කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් එක්දින තරග 2කට ද ක්‍රීඩා කර ඇත.

2016දී ආරම්භ වූ ඊපීඑල් තරගාවලිය පැවැත්වෙන සිව්වැනි අවස්ථාව මෙය වන අතර, හෙට (25) ආරම්භ වන තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

නිරෝෂාන් ප්‍රියංකර